පොල් වත්තට පැන්න තරුණයා මුරකරුගේ වෙඩි පහරින් මරුට

0
49


පන්නල, හෙන්ඩියගල ප්‍රදේශයේ දී ඊයේ (19) සිදු වූ වෙඩි තැබීමකින් වයස අවුරුදු 27ක තරුණයෙකු මරණයට පත් ව තිබේ.
මියගිය තරුණයා මිතුරෙකු සමග ප්‍රදේශයේ පිහිටි පොල් වත්තකට ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි. එහි දී වත්තේ මුරකරු විසින් සිදුකළ වෙඩි තැබීමෙන් එම පුද්ගලයා මියගොස් ඇති බව පන්නල පොලීසිය සඳහන් කරයි.
වෙඩි වැදුණු ඔහු එම ස්ථානයේ දී ම මියගොස් ඇති අතර, වෙඩි ප්‍රහාරය එල්ල කළ මුරකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here