පොලිතීන් ගැටලුව විසඳන දළඹුවෙක් සොයා ගනී

0
50


බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් පැයක් ඇතුළත පොලීතින් මල්ලක් ආහාරයට ගෙන විනාශ කළ හැකි දළඹු විශේෂයක් සොයාගෙන තිබේ.
පොලීතින් සහ ප්ලාස්ටික් වියෝජනය සඳහා එම දළඹුවා යොදා ගැනීමට කටුයුතු කර ඇති බව වාර්තා වේ.
ගැලේරියා මෙලොනෙල්ලා (Galleria mellonella) නමැති විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම දළඹු විශේෂය ප්ලාස්ටික් වියෝජනය කරන රසායනික ක්‍රියාවලිය පිළිබඳ ද එම විද්‍යාඥයන් මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පොලිතින් මළු ආහාර දවටන ඇතුළුව ලොව පුරා වසරක දී එක් රැස්වන පොලීතින් සහ ප්ලාස්ටික් ප්‍රමාණය ටොන් මිලියන 80 ඉක්මවයි. මුළුමනින්ම වියෝජනයට වසර 100 ගණනක් ගතවීම හේතුවෙන් පොලීතින් පරිසර දූෂකයක් ලෙස සැලකේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here