පොලිස් නිලධාරියාගේ ඝාතන සැකකරු පොලිස් වෙඩි පහරින්ම මරුට

0
74


හම්බන්තොට ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි හුවමාරුවකින් සැකකරුවෙකු මියගොස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
මියගොස් ඇත්තේ පසුගිය වසරේ කුරුණෑගල – මාස්පොත ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පවසයි.
අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වලාන දූෂණ මර්දන අංශය සහ පොලිස් විශේෂ කාර්යය බලකාය අද (27) හම්බන්තොට ප්‍රදේශයේ මෙහෙයුමක් සිදුකර තිබේ.
සැකකරු කැළෑබද ප්‍රදේශයක සැඟ ව සිටින බවට ලැබුණු තොරතුරකට අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය එම ස්ථානයට ගොස් ඇති අතර එහි දී වෙඩි හුවමාරුවක් සිදු ව ඇති බව වාර්තා වේ.
ප්‍රහාරයට ලක් වූ සැකකරු මියගොස් ඇති අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here