පෞද්ගලික රෝහල් නියාමනය කිරීමේ වාර්තාව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා විසින් ඊයේ(17) සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට ලබාදී තිබේ.
ජාත්‍යන්තර සමාගමක් වන කේ.ජි.එම්.පි.ආයතනය විසින් මෙම වාර්තාව සකස් කර තිබෙන අතර දිවයින පුරා පිහිටි පෞද්ගලික රෝහල් 40ක පමණ මිල ගණන් නියැදියක් ලෙස ගෙන මෙම වාර්තාව සකස් කොට තිබේ.
මෙම වාර්තාවෙහි රෝග සඳහා ප්‍රතිකාර කිරීමේ මිල ගණන්, රසායනාගාර සේවා සහ අනෙකුත් පර්යේෂණවල ගාස්තු පිළිබදව පරාසයන් ඇතුළත් කර ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු පෞද්ගලික රෝහල්වල මිල නියාමනය සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න සඳහන් කරයි.