බදුල්ලෙදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලෙයි

0
5

බදුල්ල, අලගොල්ල ප්‍රදේශයේදී ලංකා ගමනා ගමන මණ්බඩලයට අයත් බස් රථයක් අනතුරට ලක්විමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් 27 දෙනෙකු තුවාල ලබා තිබේ.

අද(27) උදෑසන 08.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

බදුල්ල සිට කන්දෙගෙදර දක්වා ධාවනය වූ ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් අලගොල්ල ප්‍රදේශයේදී අඩි 75ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වෙයි.

අනතුර සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here