බන්ධනාගාර බසයට වෙඩි තැබීමේ සිද්ධියේ තවත් සැකකරුවෙක් දැලේ

0
46


කළුතර, එතනමඩල ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථ දෙකකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පෑලියගොඩ, දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදු කළ විමර්ශනවල දී අනාවරණ වූ තොරතුරු අනුව මල්වතුහිරිපිටිය, කිනිගම ප්‍රදේශයේ දී එම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මල්වතුහිරිපිටිය, බුලත්පිටිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු අපරාධ ගණනාවකට සම්බන්ධ බවට සිදු කළ මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබේ.
2001 වර්ෂයේ මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරිම, 2013 වර්ෂයේ දී වෑන් රථයක් සොරකම් කිරීම, 2015 වර්ෂයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ දී සමයං යන අයට වෙඩි තැබීමට තැත් කිරීම යන සිද්ධිවලට මෙම සැකකරු සම්බන්ධ බව පොලීසිය සඳහන් කරයි.
1998 වර්ෂයේ සිට යුද හමුදාවට අනුයුත්ත ව සේවය කර ඇති සැකකරු 2001 වර්ෂයේ දී යුද හමුදාවෙන් නෙරපූ පුද්ගලයෙකු බවට අනාවරණය වී තිබේ.
පසුගියදා කළුතර එතනමඩල ප්‍රදේශයේ දී රැඳවියන් ප්‍රවාහනය කරමින් සිටි බන්ධනාගාර බස් රථ දෙකකට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන සමයං ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකු මියගියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here