බලතල ඉල්ලමින් ෆොන්සේකා අලුත් තනතුරට එකඟ වෙයි

0
39

වර්ජන සහ උද්ඝෝජවලට මුහුණදීමට සුවිශේෂී බලකායක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල මෙහෙයවීමේ වගකීම ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට භාර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ඉල්ලීමට සරත් ෆොන්සේකා සිය කැමැත්ත පල කර  තිබේ.

මෙම ඉල්ලීම සංවර්ධන අමාත්‍ය ධූරයට අමතර වගකීමක් ලෙස  භාර ගැනීමට සූදානම් බව ඔහු පවසයි.

ඒ සම්බන්ධයෙන් අදක්වන සරත් ෆොන්සේකා “අත්‍යාවශ්‍ය සේවා සැපයීමේදී රටේ ඇතිවෙන කඩාකප්පල්කාරී තත්ත්ව යටතේ හෝ වෙනත් හදිසි අවස්ථා යටතේ ඒවා විසඳීමට පියවරක් වශයෙන් යම්කිසි සංවිධානයක් හෝ සුවිශේෂී බළකායක් ගොඩනැගුවොත් එය බාරගෙන කටයුතු කරන්න පුළුවන්ද කැබිනට් රැස්වීමේදී ජනාධිපතිතුමා මගෙන් විමසීමක් කළා. ඊට මගේ අකමැත්තක් නැති බව මම ප්‍රකාශ කළා”

“අමාත්‍ය ධූරයේ ඉන්න ගමන් අමතර වගකීමක් හැටියට තමයි ඒ යෝජනාව ආවේ. නමුත් මේක ගැන තාම සිදු කරන ක්‍රමවේදයක් ගැන සාකච්ඡා කළේ නැහැ. ජනාධිපතිවරයා මට තාම නිශ්චිත උපදෙස් ලබාදීලා නැහැ. ඒ ගැන තවදුරටත් සාකච්ඡා කරන්න ඕනේ. රජයේ පරිපාලනයට බාධාවන අයුරින් නොයෙක් දේශපාලඥයන්ගේ උවමනාවට කටයුතු කරන්න ඉඩ දෙන්න බැහැ.” යනුවෙන් සඳහන් කරයි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here