බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 57කට තුවාල

0
48
නාවලපිටිය -දොලොස්බාගේ, ගෝනවලපතන ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 57ට  තුවාල සිදු වී ඇති බව වාර්තාවේ.
 නාවලපිටියේ සිට දොලොස්බාගය දක්වා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් අඩි 300ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව නාවලපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා පැවසුවේය.
තුවාල ලැබූවන් අතරින් 13ක් කුඩා ළමුන් වන අතර පිරිමි පුද්ගලයන් 30ක් හා කාන්තාවක් 14ක් ද වන බව වාර්තාවේ.
අනතුර සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here