බාලවයස්කාර පෙම් යුවළක් පොලිස් දැලේ

0
33

අයිස්ක්‍රීම් කෑමට රුපියල් 200ක් සිය දෙමාපියන්ගෙන් ඉල්ලාගෙන මීගමුව පෞද්ගලික ජාත්‍යන්තර පාසලක සිසුවෙකු, එම වයසේම බාල වයස්කාර සිසුවියක සමග දින කීපයක්ම ක්‍රිඩාංගනයක ගත කරමින් සිටිය දී කටුනායක පොලිසය අත්අඩංගුවට ගෙන තිබේ.
15 හැවිරිදි මෙම සිසුන් දෙදෙනා කටුනායක, පීල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තාකරු වේ.
ඔවුන් දෙදෙනා දැන හැඳිනගෙන දැනට මාසයක් පමණ ගත වී ඇති බව කරන ලද මූලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී තිබේ.
මොවුන් දෙදෙනා ඉකුත් 02 වැනි දා පාසැල් යන බව පවසා මුලින්ම මීගමුව වෙරළට ගොස් එහි ගත කර ඇති අතර, පසුව ඉකුත් 03 සහ 04 දිනවල මීගමුව කඩොල්කැලේ මහජන ක්‍රිඩාංගණයේ ගතකර තිබේ.
සිසුවියගේ දෙමාපියන් ඇය නොමැති නිසා බියට පත් ව කටුනායක පොලිසිය වෙත මේ පිලිබඳව කර තිබූ පැමිණිලි මත ක්‍රියාත්මක වූ පොලිසිය මොවුන් දෙදෙනා එලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අදාල සිසුවිය සිය දෙමාපියන්ගේ නීත්‍යානුකූල භාරකාරත්වයෙන් බැහැර කොට අපහරණය කිරීමේ චෝදනා මත මෙම සිසුවා අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
සිසුවිය වෛද්‍ය පරීක්ෂණ සඳහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here