බිත්තර 10 ක් රැක කුකුල් පැටවුන් 09 දෙනෙකුට ජීවය ලබාදුන් පුද්ගලයෙකු පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
44 හැවිරිදි මෙම පුද්ගලයා පසුගිය මාර්තු 29 වන දා සිට ඒ සඳහාම වෙන් වූ විශේෂ පුටුවක් ආධාර කර ගනිමින් මෙම බිත්තර රැකීම සිදුකර ඇති බව වාර්තා වේ. එම ක්‍රියාවලියෙන් අනතුරුව ඉකුත් 19 වනදා මෙම බිත්තරවලින් කුකුල් පැටවුන් 09 දෙනෙකු බිහි වී ඇත.
ප්‍රංශ ජාතික කලාකරුවකුවන මොහු එරට කෞතුකාගාරයක් තුළ මෙම බිත්තර රැකීම සිදුකර තිබේ. බිත්තර රැකීමේ නිරත ව සිටි කාලය ඇතුළත ඔහු එම අසුනෙන් නැගී සිට ඇත්තේ දිනකට විනාඩි 30 ක කාලයකට පමණක් බව සඳහන් වේ.
මෙම පුද්ගලයාගේ බිත්තර රැකීමෙන් පසු බිහි වූ කුකුල් පැටවුන් 09 දෙනා ගොවිපොළක් වෙත යොමුකර තිබේ.
ඊට අදාළ වීඩියෝව පහතින් :