බිරිඳ මරා ලොරියේ පටවාගෙන ගිය සැමියා පොලීසියට මාට්ටු

0
56
තම බිරිඳට පහර දී ඝාතනය කර ඩීමෝ බට්ටා වර්ගයේ ලොරි රථයකින් මළ සිරුර ‍රැගෙන යමින් සිටි පුද්ගලයෙකු හබරණ හිරිවඩුන්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පවසයි.
බීමතින් නිවසට පැමිණ ඇති මෙම පුද්ගලයා තම සිඟිති දරුවා අඩද්දී මෙලෙස සිය බිරිඳට පහර දී ඝාතනය කර තිබේ.
හබරණ,ගල් ඔය,සිංහගම පදිංචිව සිටි කාංචනා දිල්රුක්ෂි(29) නැමැති එක් දරු මවක් මෙලෙස ඝාතනයට ලක්ව ඇත.
මාළු වෙළඳාමේ යෙදෙන මිය ගිය කාන්තාවගේ  සැමියා දිනපතාම මත් පැන් බී නිවසට පැමිණ බිරිඳට පහර දෙන බව අනාවරණය වූ බව පොලීසිය පවසයි.
ඊයේ (07) රාත්‍රියේ මාස 08ක කුඩා දරුවා විලාප තියද් දී බිරිඳට පහර දෙන බව ඇසූණු අසල්වැසියෙකු විසින් 119 හදිසි ඇමතුම් අංකයට දැනුම් දීමෙන් පසු පොලිසිය එම ස්ථානයට ගොස් ඇත. ඒ වනවිටත් සැකකරු සිය බිරිඳ ඝාතනය කර ඩීමෝ බට්ටා ලොරි රථයක දමා ගෙන මළ සිරුර ‍රැගෙන පිටව ගොස් තිබේ.

ලොරි රථය ත්‍රිකුණාමලය දෙසට ගමන් කරමින් සිටිය දී පොලිසිය අත් අඩංගුවට ගන්නට සැරසෙත් ම ඔහු පලා ගොස් ඇත.

පසු පස ලුහු බැදි පොලිසිය සැකකරු දඹුල්ල දෙසට ලොරිය ධාවනය කරමින් සිටිය දී හිරිවඩුන්නේ දී රාත්‍රී 11.30 ට පමණ අත්අඩංගුවට ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here