“බී.සී.” ආකෘති පත්‍ර බෙදීම ඇරඹෙයි

0
38


මෙවර ඡන්ද නාම ලේඛන ප්‍රතිශෝධනයට අදාළව “බී.සී.” ආකෘති පත්‍ර ගෙයින් ගෙට බෙදීමේ කටයුතු අද (15) ආරම්භ වේ.
ග්‍රාම නිලධාරිවරු විසින් අදාළ ආකෘති පත්‍ර ගෙයින් ගෙට බෙදීමේ කටයුතු සිදු කරන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
ඒ අනුව මෙම ආකෘති පත්‍රය පුරවා ග්‍රාම නිලධාරිවරු වෙත බාරදිමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
කෙසේ වෙතත් මෙම ආකෘති පත්‍ර යළි එකතු කිරීම් කටයුතු සිදු කරනු ලබන්නේ ජුනි 01 වනදායින් පසුව බව මැතිවරණ කොමිසම පවසයි.
මේ අතර මෙවර ඡන්ද නාම ලේඛන ප්‍රතිශෝධන කටයුතු අතිශයින් වැදගත් බව මැතිවරණ නිරික්ෂණයේ නිරත පැෆරල් සංවිධානය පවසයි.
මේ හේතුවෙන් බී.සී. ආකෘති පත්‍රය නිවැරදිව පුරවා ඡන්ද නාම ලේඛනයට නම ඇතුළත් කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here