බුදු වූ බව පවසා කැළණියට පැමිණි ආගන්තුකයා

0
232

උතුම් වූ වෙසක් පොහෝය දා මධ්‍යම රාත්‍රී 12ට පමණ බුදුවරයෙක් යැයි පවසන පුද්ගලයෙක් සුදුවතින් සැරසී කැළණි විහාරයට පැමිණ තිබූ වීඩියෝවක්  අන්තර්ජාලයට නිකුත් වී තිබේ.

තමන් බුදු වූ බව පවසමින් මෙම පුද්ගලයා කැළණි විහාරයේ  චෛත්‍ය රාජයාණන් අභියස රැදී සිටිමින් කැළණි විහාරය වැදපුදා ගැනීමට පැමිණි පිිරිස් වෙත පිරිත්පැන් ලබා දී තිබේ.

ඒ අතරතුර එලෙස පිරිත් පැන් ලබා ගත් පුදුගලයන් ඔහුට වැද නමස්කාර කොට තිබේ.

කැළණී විහාරයට ඇදහැලුණ වර්ෂාවද තමාගේ ප්‍රාතිහාර්යක ප්‍රතිඵලයක් බව පවසමින් සියලු දෙනා තමාට වැඳ නමස්කාර කරන ලෙස රැස්ව සිටි පිරිසගෙන් ඉල්ලා ඇත.

අළුයම් කාලයේදී හිටි හැටියේ අතුරුදන් වූ මෙම පුද්ගලයා පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් වාර්තා වී නොමැත.

ඒ අනුව මෙම සිද්ධිය වූ අවස්ථාවේදී එහි සිටි පුද්ගලයකු විසින් ලබා ගත් ඡායාරූප කිහිපයක් හා වීඩියෝවක් සමාජ ජාලමාධ්‍ය තුළ දැක ගන්නට ලැබුණි.

එම ඡායාරූප සහ වීඩියෝව පහතින්..

Posted by Dilan Panchana Jayasinghe on Wednesday, May 10, 2017

 
  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here