බුර්කාවක් ඇඳගෙන බිරිඳගේ හොර අල්ලන්න ගිය සැමියාට සිදු වූ දේ

0
87

මුස්ලිම් කාන්තාවක් ලෙස බුර්කාවකින් සැරසී වෙස් මාරු කරගෙන සිටි පුද්ගලයෙක් මහනුවර මුලස්ථාන පොලීසිය විසින් සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ.
සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු පවසා තිබෙන්නේ තම බිරිඳගේ හොර ඇල්ලීම සඳහා එලෙස වෙස් මාරු කරගෙන පැමිණි බවයි.
මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුමේ රැඳී සිටි මුස්ලිම් ජාතික කාන්තාවක් මහත් කලබලයෙන් සිටීම හේතුවෙන් එහි රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ ඇය පිළිබඳ සෙවිල්ලෙන් හිඳ තිබේ.
හිස මෙන්ම ශරීරය ද සම්පුර්ණ වැසෙන ආකාරයෙන් සම්ප්‍රදායික මුස්ලිම් කතක් අයුරින් සැරසි සිට ඇති ඇය බස් නැවතුමේ ගමන් කරන මගින් දෙස මෙන් ම බස් රථවලින් බැස යන මගින් දෙස ද මහත් උවමනාවෙන් අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් ද පොලිස් නිලධාරීන් පැය 02 කට අධික කාලයක් අවධානය යොමු කර ඇත.
එම කාන්තාව පිළිබඳ සැක සිතූ පොලිස් නිලධාරීන් නිලධාරිනියක් කැඳවා මෙම කාන්තාවගෙන් ප්‍රශ්න කිරීමට සූදානම් වූ අවස්ථාවේ කලබල වූ කත ධාවනය වෙමින් පැවති බස් රථයකට ගොඩ වී පළා යාමට උත්සහ කළ ද පොලිස් නිලධාරීන් බස් රථය නවත්වා ඇය තම භාරයට ගෙන තිබේ.
මුස්ලිම් කාන්තාවක් ලෙස වෙස් වලාගෙන සිට ඇත්තේ පුරුෂයෙකු බව ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ වී ඇත.
මහනුවර, මයිලපිටිය ප්‍රදේශයේ පදිංචි ඔහු 27 හැවිරිදි විවාහක එක් දරු පියෙකි. සිය බිරිඳගේ අනියම් සම්බන්ධතාවයක් හසු කර ගැනීම සඳහා කාන්තාවකගේ වෙස් ගෙන ගුඩ්ෂෙඩ් බස් නැවතුමට වී බලා සිටි බව ද මොහු පොලීසියට පවසා ඇත.
මෙම පුද්ගලයාගේ බිරිඳ ගම්පොල ප්‍රදේශයේ ආයතනයක රැකියාව කරන අතර ඇය එහි සේවය කරන තරුණයෙක් සමග අනියම් සබඳකමක් ඇති කර ගැනීමෙන් පවුලේ ප්‍රශ්න ඇති වූ බව ද සේවය නිම වී ඇය තම පෙම්වතා සමග පැමිණෙන තෙක් ගුඩ්ෂෙඩ් බස් නැවතුමේ රැඳී සිටි බව ද ප්‍රශ්න කිරීමේ දී හෙළි වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here