බොබ් ඩිලන් නොබෙල් ත්‍යාගය පිළිගනී

0
63

පසුගිය වසරේ, 2016 නොබෙල් සාහිත්‍ය ත්‍යාගයෙන් පිදුම් ලද ජනප්‍රිය ගායක බොබ් ඩිලන් තව නොබෝ දිනකින් සිය ත්‍යාගය පිළිගැනීමට සුදානමින් සිටින බව නොබෙල් ත්‍යාග කමිටුව නිවේදනය කරයි.

ඔහුට මෙම ත්‍යාගය නිර්දේශ වූයේ පසුගිය ඔක්තෝබර් මාසයේ දී වුවත් ඔහු මෙතෙක් එය  භාරගැනීමට පැමිණ නොමැත. නොබෙල් ත්‍යාගය සමග පිරිනැමෙන ඩොලර් නව ලක්ෂයක ත්‍යාග මුදල ලබාගැනීමට ඔහු විශේෂ දේශනයක් ද පැවැත්විය යුතුය. දේශනය වෙනුවට ඔහු පුර්ව පටිගත කළ දේශනයක් ත්‍යාග කමිටුව වෙත භාරදීමට නියමිත ය.

නොබෙල් ත්‍යාගය ලබාගැනීම සඳහා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරට යන අතරවාරයේ බොබ් ඩිලන් සංගීත ප්‍රසංග කිහිපයකටද සහභාගී වේ.නොබෙල් සාහිත්‍ය ත්‍යාගයෙන් පිදුම් ලැබූ පළමු ගීත රචකයා බොබ් ඩිලන්  වන අතර, ලේඛක ටෝනි මොරිසන් ගෙන් පසුව එම ත්‍යාගය  හිමිකරගන්නා  ඇමෙරිකානුවා  ද ඔහු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here