බොලිවුඩයේ ප්‍රවීණ රංගන ශිල්පියෙක් මියයයි

0
96


කලක සිට රෝගාතුර ව සිටි ප්‍රවීණ බොලිවුඩ් රංගන ශිල්පි පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝද් ඛන්නා අද (27) අභාවප්‍රාප්ත වී තිබේ.
1968 දී රංගන ශිල්පියෙකු ලෙස ක්ෂේත්‍රයට පැමිණි ඔහු මිය යන විට 70 වැනි වියේ පසු විය.
2015 වසරේ නිර්මාණය කළ ‘දිල්වාලේ’ චිත්‍රපටය සඳහා අවසන් වරට දායක වූ ඔහු වරක් බොලිවුඩයේ වඩාත් කඩවසම් නළුවා ලෙස ද කතාබහට ලක් විය.
දීර්ඝ කලක සිට පීඩා විඳි පිළිකා රෝගයක් හේතුවෙන් ඔහු මුම්බායි නුවර රෝහලක දී එලෙස ජීවිතයෙන් සමුගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here