‘මං පතනවා’ ගීතය තුළින් සුවිසල් ජනප්‍රියත්වයක් ලැබූ අශාන් ප්‍රනාන්දුගේ අලුත් ගීතය එළියට – සමාජ මාධ්‍ය කළඹමින් මේ වනවිට හැමෝම අහන සින්දුව බවට ‘මේ නිහඬ භවයේ’ පත්වෙයි

0
207

යොවුන් සංගීතඥයෙකු සේම ගායන ශිල්පියෙකු ලෙස ජනාදරයට පත් ව සිටින අශාන් ප්‍රනාන්දු යනු සංගීත ක්ෂේත්‍රයේ බැබළෙන තරුවකි.

”මං පතනවා” සහ ”සත්තයි” යන ගීත ද්විත්වය හරහා රසික සිත් සතන් ඇදබැඳ තබාගෙන සිටින අශාන් ටිකක් කාර්යබහුල වෙලා. ඒ ඔහුගේ අලුත් ගීතය එළි දැක් වූ නිසා.

මහත් හරසරින් යුතුව අශාන්ගේ අලුත් ගීතය ඔහුගේ රසික රසිකාවියන් වැළඳගත් අතර ඒ සඳහා ද සුපුරුදු පිරිදි උණුසුම් ප්‍රතිචාර ලැබෙමින් පවතින බව වාර්තා වේ.

”නිහඬ භවයේ” ලෙස නම් කර තිබෙන මෙම ගීතයේ පද රචනය සිදු කර ඇත්තේ ජනප්‍රිය ගී පද රචක ඩිලාන් ගමගේ විසිනි.

විරහව තේමාව කර ගනිමින් නිර්මාණය වී ඇති මෙම සුන්දර ගීතයේ රූප රචනය නුදුරේ දීම සිදු කිරීමට නියමිත අතර එම ගීතයට ඔබට පහතින් සවන්දිය හැකි ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here