මත්පෙති කන්ටේනරයක් අත්අඩංගුවට

0
7

අධිමාත්‍රා මාදක ඖෂධයක් වන ට්‍රමඩෝල් මිලි ග්‍රෑම් 225 ප්‍රමාණයේ පෙති එක්කෝටි පනස් ලක්ෂ පනස් දහස් එකසිය හැත්තෑවක (15,050,170) අත්අඩගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට ලැබූ තොරතුරක් මත රේගු නිලධාරීන් හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් එක්ව මෙම මත්පෙති තොගය අත්අඩගුවට ගෙන තිබේ.

මෙම කන්ටේනරය ඉන්දියාවේ සිට කොළඹ වරාය හරහා ලිබියාවට රැගෙන යාමට උත්සාහ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here