‘මම නුවර එයා කොළඹ’ – යෂාන්ටත් හරිගියා…

0
133

නව පරපුරේ  ගයක ශිල්පියෙකුවන යෂාන් ද සිල්වා  පසුගිය දිනෙක සිය යුග දිවිය ආරම්භ කළේ බොහෝ දෙනාගේ කතා බහට ලක්වෙමිනි . හැමෝගෙම පෙම් කතාවලට වගේම මේ පෙම් කතාවටත්   බාධාවලින් නම් අඩුවක් වුණේ නැ කියල තමයි යෂාන් කියන්නේ. ඒ කොහොම උනත්  කෙන්යාගේ අත ගත්  යෂාන් සිය ආදර පලඉලව්ව ගැන කිව්වේ  මෙන්න මේ විදිහට….

‘අපි මුණ ගැසුණේ නාරාහේන්පිට දේවස්ථානයේදී. කෙන්යා ගීතිකා කණ්ඩායමේ ක්‍රියාකාරී සාමාජිකාවක්. ඉතිං එයා ස්ටේජ් එකේ ඉන්නවා මම නිතර දකිනවා. ඊට පස්සෙ තමයි අපි යාළුවෝ විදියට පොඩි කාලයක් ආශ්‍රය කරලා පෙම්වතුන් වෙන්නේ.අපේ සම්බන්ධයට අවුරුද්දක් වගේ වෙන්නේ.හැමෝටම වගේ අපිටත් බාධා ගොඩක් තිබුණා. මම මහනුවර. එයා කොළඹ. අපි හැදුණු පසුබිම වෙනස්. බාහිරින් ගොඩක් අය ගොඩක් දේවල් කිව්වා. ගෙවල්වල අයත් ගොඩක් ප්‍රශ්න කළා. නාරාහේන්පිට ජනතා දේව සභාවෙනුත් අපි ගැන හෙව්වා’

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here