“මම බිව්වා..මට දඩ ගහන්න කියන්න..උසාවි දාන්න කියන්න..මම බය නෑ..”බීමතින් රිය පැදවූ රූමතිය පොලිසියට තර්ජනය කරපු හැටි (VIDEO)

0
227

රියෑදුරු පාසලක සේවය කරන  කාන්තාවක්‌ පසුගිය 04 වැනිදා රාත්‍රි අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීිිි බීමතින් සිට ඇත.

ඇය පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයෙදී පදවා ගෙන ආ වෑන්රිය අධික වේගයෙන් සහ අපරෂාකාරී අන්දමින් පදවා ගෙන එනු දුටු  රථවාහන රජකාරායේ යෙදුණු පොලිස් නිලධාරීන් එය නැවැත්වීමට අත දමා තිබෙනවා.

නමුත් ඇය අණ නොතකා වෑන්රිය ඉදිරියටම පදවාගෙන ගොස් ඇති අතර පසුව පොලීසිය විසින් යතුරුපැදියකින් ඇය පසුපසින් ගමන් කර ඇත.

මෙම කාන්තාව වැල්ලවත්ත පදිංචි 30 හැවිරිදි රූමත් තැනැත්තියක බව පොලිසිය කියයි.

ඇයට රියදුරු බලපත්‍රයක් පවා තිබී නොමැති අතර මැය කැස්‌බෑව ප්‍රදේශයේ සාදයකට ගොස්‌ පැමිණෙමින් සිටියදී පොලිස්‌ අත්අඩංගුවට පත් වී තිබේ.

එහිදී ඇය පවසා ඇත්තේ ඇය විසින් රියදුරු පාසලක් පවත්වාගෙන යන බවයි..

මෙම කාන්තාව පිළියන්දල රෝහලට ඉදිරිපත් කර සිදුකළ පරීක්‍ෂාවේදී ඇය බීමත්ව ඇතැයි තහවුරු වූ බව ද පොලිසිය කියයි.

කෙසේ වෙතත් මැය පොලිස් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ තාමාට ලයිස්න් ඉන්ෂුවරන්ස් ඇති බවත්,උසාවියට ඉදිරිපත් කළද තමා බිය නොවන බවත් පවසමින් ඇය පොලීසියට තර්ජනය කළ බවද පැවසේ

මැයට එරෙහිව නඩු පවරන බව පොලිසිය කියයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here