චිත්රපට සහ ටෙලි නිළියක ලෙස ප්රසිද්ධ අමීෂා කාවින්දි තමාගේ පෙනුම ගැන අපූරු කතාවක් පුවත්පතකට සඳහන් කර තිබීම හේතුවෙන් මේ දිනවල ඇය බොහෝ අවදානයක් හිමි කරගෙන සිටි.
ඇය එහි දී සඳහන් කර ඇත්තේ ”මගේ පින්තූර වගයක් ගහපු ඡායාරූප ශිල්පියෙක් මට වතාවක් කිව්වා මම සනී ලියෝන් වගේ කියලා. එතකොට මම සනී ලියෝන් කියන්නේ කවුද කියලාවත් දැනගෙන හිටියේ නෑ. අන්තර්ජාලය බලලා තමයි එයා වැඩිහිටි චිත්රපට නිළියක් බව දැනගත්තෙ. ඒ අතින් මම ඒවා ගැන දන්න දැනුම හරි අඩුයි. මම සනී ලියෝන් වගේ කියනවට මම ආසයි. මොකද එයා හරි ලස්සන කෙනෙක්. ඒත් මම එයාගෙන් විලාසිතා නම් කොපි කරන්නේ නැහැ. මම විලාසිතා කරන්නේ මටම ආවේණික විදියකට” යනුවෙනි.