මව්කිරි නිසා බිලිඳුන් දෙදෙනෙක් අවසන් ගමන් යයි

0
73


දින 14ක් වයසැති සිඟිත්තෙකු හා දින 40ක් වයසැති සිඟිත්තියක එකම දින මිය යාමේ අවාසනාවන්ත සිද්ධීන් 02ක් මාතර ප්‍රදේශයෙන් වාර්තා වේ.
දින 14ක් වයසැති සිඟිත්තා මියගොස් ඇත්තේ මව්කිරි ශ්වසන මාර්ගයට ඇතුළුවීමෙන්වන අතර දින 40ක් වයසැති සිඟිත්තිය මියගොස් ඇත්තේ කොට්ටයට නාසය තද වී සෙම හිරවීමෙනි.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මාතර – තල්අරඹ පදිංචි දින 40ක් වයසැති ඉපටවෙල කංකානම්ගේ ලහන්යා නම් සිඟිති දැරියක හා ගන්දර පදිංචි දින 14ක් වයසැති සිඟිති පිරිමි දරුවෙකි.
2017 මාර්තු 10 වැනි දා මෙලොව එළිය දුටු සිඟිති ලහන්යා එම පවුලේ පළමුවැනි දරුවා ය. ඇගේ මව විසින් සුපුරුදු පරිදි ඇයට මවුකිරි ලබා දී නිදි කරවා ඇති අතර ඉන්පසු පස්වරු 03.00ට පමණ දරුවා සීතල වී සිවීම හේතුවෙන් කඩිනමින් කඹුරුගමුව රෝහලට ගෙන ගොස් තිබේ.
එහි දී වෛද්‍යරයකු විසින් දැරිය පරීක්ෂා කර බලා ඇය මියගොස් ඇති බව පවසා ඇත. ලබාදුන් මව්කිරි ශ්වසන මාර්ගයට ඇතුළුවීමෙන් මෙම මරණය සිදු වී ඇති බව මරණ පරීක්ෂණයේ දී හෙළි වී ඇත.
දින 14ක් වයසැති තවමත් නමක් නොමැති සිඟිත්තාට සිද්ධිය වූ දින උදෑසන මව්කිරි ලබා දී නිදිකරවා තිබේ. පසුව බලනවිට දරුවා අසනීප තත්ත්වයකට පත් වී ඇති බව දැනුණ නිසා මාතර මහ රෝහලට රැගෙන ආ බවත් බාහිර රෝගී අංශයේ වෛද්‍යවරියක දරුවා පරීක්ෂා කොට දරුවා මියගොස් ඇතැයි පැවසූ බවත් වැඩිහිටියන් කියා සිටි.
මව්කිරි ඉරීමේ දී බඩේ එකතුවන වාතය පිට කිරීම සඳහා දරුවා මුණින් අතට තබා තිබිය දී කොට්ටය නාසයට තදවීමෙන් ඇති වූ හුස්ම හිරවීමෙන් මෙම මරණය සිදු වී ඇති බව මරණ පරීක්ණයේ දී හෙළි වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here