මස්කඩ හිමියෝ වර්ජනයක

0
45

මස් ලබා ගැනීම සඳහා සතුන් මරන ස්ථානවලට එරෙහි ප්‍රාන්ත ආණ්ඩුවේ නව වැඩපිළිවෙළට විරෝධය පළකිරීමක් ලෙස  ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මස්කඩ හිමියෝ වැඩ වර්ජනයක නිරතව සිටිති. මේ හේතුවෙන් මීහරක් මස් වෙළෙඳාම ඇනහිටීමෙන්  උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ආර්ථිකයට ද දැඩි බලපෑමක් එල්ල වී තිබේ. ගවයන් අනවසරයෙන් මස් සඳහා ඝාතනය කෙරෙන ස්ථාන තහනම් කරන බවට මෙම ප්‍රාන්තයේ නව ඇමැති යෝගී ආධිත්‍යනාත් පොරොන්දුවක් ලබා දී ඇත. ඒ අනුව අනවසරයෙන් සතුන් මරන ස්ථාන ඉලක්ක කර ගනිමින් දියත් කරනු ලැබූ  මෙම මෙහෙයුමෙන් අවසරලත් ස්ථානද වැටලීමට ලක්වන බව කඩ හිමියෝ පවසති. තවද මස් කඩ හිමියන් සහ මස් සඳහා සතුන් මරන ස්ථාන පවත්වා ගෙන යන්නේ බෝහෝ විට මුස්ලිම් ජාතිකයන් වන අතර සතුන් මරන ස්ථානවලට පැමිණෙන නිලධාරී්න්ගෙන් සහ  හින්දු  අන්තවාදීන්ගේ අඩන්තේට්ටම් වලට තමන් ගොදුරු වන බවත් ඔවුහු පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here