මසුන් මැරීම ගෙනා ජෙලට්නයිට් කූරු 55ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

0
41

නීති විරෝධී ලෙස මසුන් මැරීම සඳහා යොදා ගැනීමට සූදානම්කර තිබූ ජෙලට්නයිට් කූරු 55ක් සමග සැකකරුවෙකු කින්නියා ප්‍රදේශයේ දී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාවට ලැබුණු තොරතුරකට අනුව නැගෙනහිර නාවික විධානයට අයත් නාවිකයින් පිරිසක් සහ ත්‍රිකුණාමලය දිසා දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්   සිදුකළ සෝදිසි මෙහෙයුමක දී  ජෙලට්නයිට් තොගය සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු සහ ජෙලට්නයිට් තොගය කින්නියා පොලිස් ස්ථානයට භාරදීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here