මහින්දට දිනන්න බෑ- එස්. බි කියයි

0
55

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බුදයක ඇති බවත් එය ඡනාධිපතිතුමාගේ මැයි දින කථාවෙන් අවධාරණය වූ බවත් සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය එස්. බි. දිසානායක පවසයි.

මේ හේතුව නිසා පක්ෂය ශක්තිමත් කර ගත යුතු බව පවසන ඔහු ඒ සදහා ශක්තිමත් අඩිතාලමක් මැයි දින රැළියෙන් ලැබුණු බව පවසයි.

“හිටපු ජනපති වෙනම පක්ෂයක් යටතේ පැවැත්වු මැයි රැළියෙන් යමක් ඉගෙන ගන්නට ඇති. අහසින් ගත්තු පොටෝ දාල පිට්ටනිය පිරෙවුවත් සමහර මන්ත්‍රීන් නොපැමිණීම, සමහර මන්ත්‍රීවරුන් රැලියට ජනතාව රැගෙන නොයැම නිසා පාක්ෂිකයන් නැවත ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝඡනය කරන අප වටා එක්විය යුතු බවට රටට පණිවිඩයක් දුන්නා”

“මහින්ද රාඡපක්ෂ මැතිවරණයක් ඉල්ලුවත් මහින්ද රාඡපක්ෂ ඇතුළු පක්ෂය පළාත් පාලන හා නගර සභා ඡන්දයෙන් පරදිනවා. මැතිවරණවලින් පැරදිමේ පසුබිම එතුමාගේ පවුලෙන්ම ඇරැඹෙනවා.මැතිවරණය ආරම්භ විමට ප්‍රථම එතුමාගේ පවුලේ කිහිප දෙනෙකු අප පක්ෂය වටා එකතු වෙනවා”

“දකුණේ තැන් කිහිපයක් දිනා ගැනිමට ඔවුනට හැකි වුවත් ඔවුන්ට දිනා ගත හැකි තැන් වලට  අපේ පක්ෂයේ දක්ෂයින් දැමුවහොත් ඔවුන් පරාජය වීම ඒකාන්තයි.” යනුවෙන් අමැතිවරයා මේ සම්බන්ධව  අහස් දක්වා ඇත.

‘පරිසරය පුඡනියයි‘ වැඩ සටහනට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව  ඊයේ (02) මහනුවර දී  ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here