මහින්දානන්දට රට යන්න අවසර

0
52

මුදල් අව භාවිත කිරීමේ චෝදනාවක් යටතේ විභාගවන නඩුවකට අදාළව අධිකරණ භාරයේ තිබූ  පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය තාවකාලිකව නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (31) මෙම නියෝගය ලබා දී ඇත.

ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ලබන ජුනි මස 30 වනදා දක්වා විදෙස්ගත වීමට අවසර හිමි ව ඇත.

මෙලෙස තාවකාලිකව මුදා  හැරුණු  විදෙස් ගමන්  බලපත්‍රය ජූලි මස 03 වනදාට පෙර යළිත් මහාධිකරණයට භාර දෙන ලෙසත් ,එම කිලසීමා තුළදී  නැවත මහාධිකරණයෙන් නොතීසි ලැබුණහොත් ඊට අදාළව මහාධිකරණයේ  පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කොර ඇත.

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් කෝටි තිස්පන්ලක්ෂයක මුලකින්  ක්‍රීඩා උපකරණ ගෙන්වා ඒවා පාසල් අතර බෙදා නොදී තම  දේශපාලන කටයුතු සඳහා ‍ යෙදා ගැනීම වෙනුවෙන් මොහුට මෙම චෝදනාව එල්ල වී ඇත.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම නඩුව ජුලි 13 වනදා යළි විභාගයට ගැනීමට නියමිතයි.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here