මහ රැජිණ 91 සමරයි (PHOTOS)

0
70


ලොව දීර්ඝත ම කාලයක් රජ කිරුළ හෙබ වූ බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණ අද (21) සිය 91 වන ජන්ම දිනය සමරනු ලබයි.
ඒ නිමිත්තෙන් ලන්ඩනයේ ටවර් බ්‍රිජ් සහ හයිඩ් පාර්ක්හි දී ආචාර වෙඩි මුර පැවැත්වීමට නියමිතයි.
දෙවන එලිසබෙත් මහ රැජිණගේ 90 වන ජන්ම දිනය පසුගිය වසරේ දී උත්කර්ශවත් අන්දමින් සමරනු ලැබූ අතර ඉන් පසු ඇය සිය රාජකාරි රැසක් මීළග පරපුරට පවරනු ලැබී ය.
කිරුළට ආසන්නතම හිමිකරු චාල්ස් කුමරු වුවත්, එහි දී විලියම් සහ හැරී කුමරුවන්ට හිමි ව ඇත්තේ වැදගත් ස්ථානයකි.
විලියම් – කේට් යුවල මෙන්ම, ජෝර්ජ් කුමරු සහ චාලට් කුමරිය බ්‍රිතාන්‍ය රජ පවුල කෙරෙහි ජනතා ප්‍රසාදය ඉහළ නැංවීමට සමත් වී තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here