මහ සයුර මැද ගිණි ගත් ඩැනිලා

0
79

 

ඩැනීලා බහාලුම් නෞකාවේ බහාලුම් කිහිපයක් තවමත් ගිනි ගනිමින් පවතින බව නාවික හමුදාව පවසයි.

මේ වන විට මෙම ගින්න නිවීම සඳහා  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේද සහය ලැබී ඇති අතර   ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මේ වන විට යොදවා තිබේ.

පැනමා ධජය යටතේ යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාවේ හට ගත් ගින්න නිවීම සඳහා නාවික හමුදාවේ සාගර නෞකාව සහ ඩෝරා යාත්‍රා 3 ක් යොදවා ඇති  බව නාවික හමුදා ප්‍රකාශක ලෙෆ්ටිනන් කමාන්ඩර් චමින්ද වලාකුලුගේ මහතා සඳහන් කළේය.

ඊට අමතරව ඉන්දියාවට අයත් සූර් නෞකාව සහ ඉන්දියන් නාවික හමුදාවට අයත් දර්ශා නෞකාව ද ගින්න නිවීම සඳහා පැමිණ තිබේ.

ගින්න පිළිබඳ දැනුම් දෙන අවස්ථාවේ නෞකාව මුහුදු සැතපුම් 120ක් දුරින් පැවත ඇති අතර පසුව එය මුහුදු සැතපුම් 30 ක් දක්වා ශ්‍රි ලංකා මුහුදු සීමාවට රැගෙන විත් තිබේ.

ඩෑනිලා නෞකාව බහාලුම් 14,000ක් රැගෙන යා හැකි ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.

එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් විසි දෙදෙනෙකු සේවය කරන අතර ගින්නෙන් ඔවුන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බවද වාර්ථා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here