මානසික සුවය වැඩිකර ගන්න පුළුවන් ක්‍රම

0
397

01. සම්මත දින චර්යාවෙන් මදක් මිදෙන්න

එකම ආකාරයට දින චර්යාව ගතකිරීම හේතුවෙන් මොළය උත්තේජනය වීම සීමා වන අතර, යම් කාර්යයක් කිරීමේදී වෙනස් ක්‍රම භාවිත කළ හැකිය.

ආහාර සකස් කිරීමේදී විවිධ ක්‍රම අත්හදා බැලීම, යම් ගමනාන්තයකට ගමන් කිරීමේදී වෙනත් මාර්ග භාවිත කිරීම ආදිය කිරීම තුළින් ඔබගේ මනසට නිසි උත්තේජනයක් ලැබේ.

02. හොඳ නින්දක් ලබාගන්න

හොඳ නින්දක් ලබාගැනීම තුළින් ඔබේ මාංශ පේශි ලිහිල් වන අතර, එය මානසික සුවතාව ඇතිවීමටද හේතුවක් වනු ඇත.

එමඟින් ඔබගේ කියාක ශක්තිය මෙන්ම මානසික ශක්තියත් ප්‍රබලවන අතර ඔබගේ රූපයද වර්ධනය වේ.

03. දිනපතා ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදෙන්න

ශාරීරි ක්‍රියාකාරකම්වල යෙදීමෙන් මොළයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩිවන අතර, ස්නායු සහ අනෙකුත් සෛල ශක්තිමත් කරන ප්‍රෝටීන් නිදහස් වීමද සිදුවේ.

නර්තනයෙහි යෙදීමෙන් මේ සියල්ල සම්පූර්ණ වන අතර, ඉගෙනීමට සහ මතකයට අදාළ මොළයේ ක්‍රියාකාරීක්වයද වැඩිදියුණු වේ.

04. පෝෂදායී ආහාර වේලක් ලබාගන්න

ඔමේගා-3 මේද අම්ල මොළයේ නිසි ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය  වන පෝෂ්‍ය පදාර්ථයකි.

එබැවින් එවැනි ෂෝෂණ සංඝටක අඩංගු සැමන්, කවරල වැනි ආහාර ඔබේ ආහාරවේලට එක්කර ගත හැකිය.

05. අද කළ යුතු දේ අදම කරන්න

ඔබේ වැඩ අතපසු කිරීමද මානසික ආතතියට හේතුවක් ලෙස පෙන්වා දිය හැකිය.

එදිනෙදා සිදුකළ හැකි කාර්යයන් එදිනෙදා සිදුකිරීම මත ඔබේ මනසට ලැබෙන අනවශ්‍ය  පීඩනය නැතිකර ගත හැකිය.

එමගින් මනස සැහැල්ලු තත්වයටත් නීරෝගී තත්වයටත් පත් වේ.

06. උපකාර කරන්න

හැකි සෑම අවස්ථාවක වෙනත් අයෙකු වෙනුවෙන් යම් උපකාරයක් කිරීමට ඔබේ කාලයෙන් බිඳක් වෙන් කරන්න.

එය මානසික සුවතාවට ඉවහල් වන බව පර්යේෂණවලින් තහවුරු කරගෙන තිබේ.

එමගින් ලැබෙන මානසික තෘප්තිමත්භාවය හරහා මානසික සැහැල්ලුව අත්වේ.

07. ජීවිතය සැහැල්ලුවෙන් අත්විඳින්න

විනෝද චාරිකාවල නිරතවීම, ඡායාරූපකරණයෙහි යෙදීම හා කුඩා දරුවන් සමග කාලය ගතකිරීම වැනි ක්‍රියාකාරකම්වලින් තුළින් මානසික සුවතාව ඇතිකර ගතහැකිය.

පිහිනීම , කී්‍රඩා කිරීම ආදී යෙහි නිරත වෙමින් ජීවිතයේ සැහැල්ලුවෙන් ජීවිතය ගත කිරීමෙන් මානසික සුවතාවය ලබා ගත හැකිය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here