මැයි රැළියේ දී අතුරුදන් වූ පුද්ගලයා දැඩි සත්කාර ඒකකයෙන් හමුවෙයි

0
50


මැයි පළමු වැනි දා ගාලු මුවදොර පැවැති මැයි රැළියට සහාභාගිවීමට පැමිණ අතුරුදන් ව සිටි අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයා ඥාතීන් විසින් ඊයේ (04) සොයාගෙන තිබේ.
ඒ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ය.
අවිස්සාවේල්ල – උක්වත්ත ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා පසුගිය දා පැවති මැයි රැළියට ප්‍රදේශවාසීන් සමග සහභාගි වී ඇත.
එහෙත්, රැළිය අතරතුර දී ඔහු අතුරුදන් ව ඇති අතර ඊයේ දිනය දක්වා ඥාතීන් සහ පොලීසිය එක් ව එම පුද්ගලයා සෙවීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here