මිචෙල් ඔබාමා ට්‍රම්ප් දෙස ඇස් කොණින් බැලූ හේතුව හෙළිවෙයි

0
119


අමෙරිකාවේ හිටපු ජනපති ආර්යා මිචෙල් ඔබාමා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්ති උත්සවයේ දී ට්‍රම්ප් දෙස එක එල්ලේ නොබැලූ හේතුව ඇය හෙළි කර තිබෙනවා.
පසුගියදා පැවති අමෙරිකා වාස්තු විද්‍යාඥයන්ගේ සමුළුවේ දී ඇය සිදු කළ කතාවක දී මේ බව හෙළිකර තිබෙනවා. ඇය සඳහන් කර ඇත්තේ එම අවස්ථාවේ දී තමාගේ කඳුළු සඟවා ගැනීමට අවශ්‍ය වූ බවයි.
තමා හැඬුම්බර ව සිටින බව මාධ්‍ය වෙතින් සඟවා ගැනීම සඳහා එලෙස සෘජුව නොබලා පැත්තෙන් බලා සිටි බව ඇය සඳහන් කර තිබේ. සිය දියණියන් දෙදෙනා වසර 8ක් ජීවත් වූ නිවස අතහැර කඳුළු පිරි නෙතින් යුතුව පසුපස දොරින් පිට වී යන එම අවස්ථාව තමාට ඉතා සංවේදී වූ බව ඇය පැවසුවා ය. මෙමගින් නව ජනපතිවරයාට කිසිදු අපහාසයක් සිදු කිරීමට තමා අදහස් නොකළ බව ඇය සඳහන් කර තිබෙනවා.
මිෂෙල් ඇස් කොණින් ට්‍රම්ප් සහ මෙලනියා ට්‍රම්ප් දෙස බලා සිටින ඡායාරූප පසුගිය දිනවල අන්තර්ජාලය පුරා මහත් ආන්දෝලනයක් අති කළ අතර ඒ පිළිබද විවිධ මත ද රැසක් පළ වී තිබිණ.

එම වීඩියෝව පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here