මිත්‍ර සබඳතා වර්ධනය කර ගන්න රනිල් ජපානයට

0
50

අප්‍රේල් 10 වනදා අගමැති රනිල් වික්‍රමසිංහ හා  මෛත්‍රී වික්‍රමසිංහ මැතිනිය ජපානයේ සංචාරයක් සඳහා පිටත්ව යෑමට නියමිත අතර මෙම  සංචාරයේදී ජපාන් අගමැති  ෂින්සො අබේ හමුවීම ද නියමිතය.

මෙම දූත පිරිසෙහි පැමිණිම ඉතාමත් සතුටින් පිළිගන්නා බවත් මෙම සංචාරය හේතුවෙන් ජපන් හා ශ්‍රී ලංකා මිත්‍ර සබඳතා තව තවත් ශක්තිමත් වන බවත් ජපන් රජය පවසයි.

විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික්  සමරවික්‍රම, පාර්ලිමේන්තු මන්ත්‍රී  මහාචාර්ය ආශු මාරසිංහ, අගමැතිලේකම් ම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා  පෙරේරා යන මහත්ම මහත්මීහු ද මෙම සංචාරයට එක්වීමට නියමිතය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here