මිසයිලයක් නිසා ලංකාවේ ගුවන් ගමන් 16ක් වෙනස් වෙයි

0
32

ඉන්දියාවේ මිසයිලයක් අත්හදා බැලීම හේතුවෙන් එරට ගුවන් සීමා වසා දැමීමට සිදු වන හෙයින් අද (27) දින පියාසර කිරීමට නියමිත ශ්‍රී ලංකන් ගුවන් ගමන් 16ක කාලසටහන් වෙනස් කර තිබේ.

මැලේසියාව, සිංගප්පූරුව, තායිලන්තය සහ ඉන්දුනීසියාව වෙත සිදු කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන්වල පිටත්වීම් සහ පැමිණීම් කාලසටහන් මෙසේ වෙනස් කර ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි.

මේ සම්බන්ධ තොරතුරු සංචාරක නියෝජිත හමුවීමෙන් හා ශ්‍රී ලංකන් කාර්යාල හෝ ශ්‍රී ලංකන් ගෝලීය සබඳතා මධ්‍යස්ථානයේ දුරකතන වෙත 0094197331979  කථා කිරීමෙන් හෝ  www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි බවද එම සමාගම පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here