මීතොටමුල්ලට ගෙවන වන්දි මුදල්වල පරස්පරයක්

0
56

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් ජීවිත අහිමි වුවන් සඳහා  වන්දි මුදල් වශයෙන් රුපියල්  ලක්ෂය බැගින් සහ  නිවාස  හා දේපල අහිමිවූවන්  සඳහා ලක්ෂ 25ක් වශයෙන් වන්දි මුදල් ගෙවීමට තීරණය කර ඇති බව ඊයේ (17) පස්වරුවේ මුදල් අමාත්‍යංශය මඟින් නිකුත් කළ නිවේදනයක සඳහන් කර  තිබේ.

එහෙත් පසුව පැවති මාධ්‍ය හමුවකදි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සඳහන් කර ඇත්තේ මීතොටමුල්ල  ඛේදවාචකයෙන් විපතට පත් වූවන් හට ලබා දෙන වන්දි මුදල් පිළිබඳව තවමත් අවසන් තීරණයකට එළඹී නොමැති බවයි.

කෙසේ වෙතත් මුදල් අමාත්‍යංශය මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් සිදු කරමින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ මිය ගිය පුද්ගලයකු වෙනුවෙන් රුපියල් ලකෂය බැගින් ලබා දෙන වන්දිය ජාතික රක්ෂණ භාර අරමුදල හරහා මුදල් අමාත්‍යංශය මඟින්  ස්භාවික විපත් සඳහා ක්‍රයාත්මක කරන රක්ෂණ ක්‍රමය යටතේ ලබා දෙන බවයි .

විපතට පත් වූවන් වෙනුවෙන් ගෙවන වන්දි මුදල් සම්බන්ධව රජයේ තීරණය ලැබුණු විගස ඒ සඳහා පුතිපදන අදාළ අංශ වෙත ලබාදීමට අප්‍රමාදව කතටයුතු කරන බව මුදල් අමාත්‍යංශය අවධාරණය කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here