මීතොටමුල්ලෙන් ආණ්ඩුවට තවත් විරෝධතාවක්

0
47

මීතොටමුල්ල කුණුු කන්ද නාය යෑමෙන් මිය ගිය පුද්ගලයෙකු සඳහා ලබාදෙන රුපියල් ලක්ෂයේ වන්දිය  ප්‍රතික්ෂේප කරන බව කොළොන්නාව  කුණු කන්දට එරෙහි ජනතා ව්‍යපාරය සඳහන් කරයි.

කුණූ කන්ද මෙරට දේශපාලඥයින්ගේ සහ බලධාරීන්ගේ උවමනාවට සකස් වූ එකක් බවත් මේ සදහා රුපියල් ලක්ෂයක වන්දියක් ලබා දී ඔවුන් කර ගත් පාපය වසාගත නොහැකි බවත් එම සංගමයේ සභාපති නීතීඥ නුවන් බෝපගේ සඳහන් කරයි.

මේ සඳහා රජයේ චක්‍රලේඛනවලට පිටින් යමින් විශේෂ අවස්ථාවක් සේ සලකා මියගිය පුද්ගලයන්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් සමඟ සාකච්ඡාකොට සුදුසු වන්දියක් ලබාදෙන ලෙසත් ඔහු පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here