මීතොටමුල්ලේ අතුරුදහන් වූ ප්‍රමාණය ආණ්ඩුව හංගනවා

0
50

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් නිවාස 100කට වඩා හානී වී තිබෙන බැවින් අතුරුදහන් වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව  රජය විසින් ඉදිරිපත් කරන සංඛ්‍යාවලට වඩා වැඩි විය යුතු බව  පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද ප්‍රකාශ කර තිබේ.

කුණු කන්ද නාය යන අවස්ථාවේදී නිවැසියන් සිය නිවෙස්වල සිට ඇති අතර ඔවුන් දියලු දෙනා කුණු කන්දට යටවී ඇති බවට උපකල්පනය කළ හැකි බවත් ඒ අනුව  අතුරුදහන්වූ පිරිස සිය ගණනක් විය හැකි බව මන්ත්‍රිවරයා පවසයි.

ආණ්ඩුවට එල්ලවන චෝදනා මත ආණ්ඩුවට සිදුවන අප්‍රසාදය වළක්වා ගැනීම සඳහා මෙලෙස අතුරුදහන් වූ සැබෑ සංඛ්‍යාව හෙළි නොකරන බවද එය දැන ගැනීමේ අයිතිය ජනතාව සතුවන බවද මන්ත්‍රීවරයා කියා සිටී.

පිටකෝට්ටේ පිවිතුරු හෙළඋරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී උදය ගම්මන්පිල මහතා මේ බව සදහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here