මීතොටමුල්ලේ අවතැන් ජනතාවට තවත් සහනයක්

0
46


මීතොටමුල්ල කසළ කන්ද නායයෑමෙන් විපතට පත් පවුල් සඳහා තාවකාලික නිවාස ලබා ගැනීම වෙනුවෙන් මසකට රුපියල් 50,000 බැගින් මාස 03ක කාලයක් ගෙවීමට නියමිත මුදල, එකවර එම පවුල් වෙත ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපදෙස් ලබා දී තිබේ.
ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් ලබා දුන්නේ කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ අද (25) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ය.
කුණු කසළ කළමනාකරණය සඳහා පළාත් පාලන ආයතන සකස් කර ඇති සැළසුම් ඉදිරිපත් කරන ලෙස ද මෙහි දී නිලධාරීන් දැනුවත් කළ ජනාධිපතිවරයා සියලු පළාත් සහකාර කොමසාරිස්වරුන්ට තමා හමුවීමට කැඳවීමක් කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
තවද කැළි කසළ කළමනාකරණය වෙනුවෙන් පුහුණු සහ නිරීක්ෂණ කටයුතු සඳහා පසුගිය වසර 05 ක කාලය තුළ විදේශ ගත වූ නිලධාරීන් පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙසට ජනාධිපතිවරයා විසින් පරිසර අධිකාරියට නියෝග කර තිබේ.
මෙහි දී අදහස් දක්වමින් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සඳහන් කර සිටියේ මීතොටමුල්ල කසළ කන්දේ අවදානම මේ වනවිට පාලනයට යටත් කර තිබෙන බවත් ඉදිරි මාස දෙකක කාලය තුළ ඒ සඳහා අවසන් තීරණයකට එළැඹෙන බවත් ය.
කසළ කළමනාකරණය වෙනුවෙන් කොළඹ නගර සභාව ඉදිරි කාලයේ දී අනුගමනය කිරීමට අපේක්ෂා කරන ක‍්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී අදහස් ඉදිරිපත් වූ අතර ඒ අනුව ඉදිරියේ දී කසළ කඳු නිර්මාණයවීමට කිසිදු ඉඩක් නොතබන බවට නිලධාරීන් මෙහි දී ජනාධිපතිතුවරයාට සහතික වූ බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here