මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් සිදු වූ හානි පිළිබඳ සමාලෝචනය කිරීමට සහ විපතට පත් ජනතාවගේ සුබසාධන කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (19) විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතයි.
අද පෙරවරුවේ පැවැත්වෙන මෙම හමුව සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු තවත් රාජ්‍යය නිලධාරීන් රැසක් මෙන් ම ආරක්ෂක අංශ ප්‍රධානීන් ද එක්වීමට නියමිත බව වාර්තා වේ.
එහිදී කුණු කන්ද නාය යාමෙන් විපතට පත් ජනතාවට නිවාස ලබාදීමේ වැඩපිළිවෙල පිළිබඳව ද ඉදිරිපත් වී ඇති යෝජනා දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත ය.