මෙරට ඇති ආයෝජන අවස්ථා ගැන ඇමති චම්පික කියයි

0
11

Image result for Patali

ඇමෙරිකාවේ ලෝස් ඇන්ජලීස් හා ලාස් වේගාස් හි ව්‍යාපාරික ප‍්‍රජාවට ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳව ඇමති පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුව තිබේ.

ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ආරාධනයෙන් අමාත්‍ය නායකත්ව වැඩසටහනට (Minister Leadership Program) සහභාගිවීම සඳහා ගිය අතරවාරයේදී ලොස් ඇන්ජලීස් සහ ලාස් වේගාස් හි ව්‍යාපාරික ප‍්‍රජාව සමග ශ‍්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පිළිබඳ සාකච්ඡා වට කිහිපයකට සහභාගී වීමට අමාත්‍යවරයාට අවස්ථාව හිමිව ඇත.

හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ හා උසස්ම මට්ටමේ විශේෂඥයන් විසින් මෙහෙයවනු ලබන හාවඩ් අමාත්‍ය නායකත්ව වැඩසටහනට තෝරාගනු ලබන්නේ සිය අමාත්‍ය ධුරය හෙබවීමේදී විශිෂ්ට ලෙස නායක්තවය ලබාදෙමින් අදාළ රටෙහි ආර්ථික දියුණුව උදෙසා දායකත්වයක් ලබාදෙන අමාත්‍යවරුන්ට පමණක් බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here