මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර අධිකරණයට කැඳවීම විනිසුරු ප්‍රතික්ෂේප කරයි

0
46

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සන්නද්ධ අංශ නායකයෙකු බව කියන සින්නදුරෙයි ශෂිදරන් හෙවත් එලිලන්ගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව, යුද සමයේදී 58 වැනි සේනාංකය භාරව සිටි මේජර් ජනරාල්  ශවේන්ද්‍ර සිල්වා  අධිකරණය හමුවට කැඳවන ලෙස  කළ ඉල්ලීම මුලතිව් මහේස්ත්‍රාත් එම්. සම්සුදීන් මහතා විසින් ඊයේ (30දා) ප්‍රතික්ෂේප  කර ඇත.

මෙම නඩු වාරය වෙනුවෙන් පෙනී සිටි  සේනාංකාධිපති මේජර් ජෙනරාල් කාලිංග ගුණවර්ධන මහතා  අධිකරණයේ සාක්ෂි දෙමින් ප්‍රකාශ කර සිටියේ යුද සමයේදී  යුද හමුදාව වෙත භාරවූවන් පිළිබඳ තමා කිසිවක් නොදන්නා බවත්, අවසන් යුද සමයේදී 58 වැනි සේනාංකය භාර ප්‍රධානියාව සිටියේ මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා බවත්ය.

ඒ අනුව  ශෂිධරන්ගේ නීතිඥ පාර්ශ්වයෙන්  එවකට සේනංකාධිපති වූ මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අධිකරණයට කැඳවිය යුතු යැයි අධිකරණයෙන් ඉල්ලීමක් කර සිටි අතර  එම ඉල්ලිමට බහුතර විරෝධය මතු වූ හෙයින් මුලතිව් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර සිටියේ ශවේන්ද්‍ර සිල්වා මහතාට නොතීසි නිකුත් කළ නොහැකි බවත් එය එළඹෙන  නඩු විභාගයේදී  තීරණය කිරීමට පියවර ගන්නා බවත්ය.

මීට අදාළ නඩුව අප්‍රේල්  27වැනිදා දක්වා කල්තැබීමට ද මහේස්ත්‍රාත්වරයා  නියෝග කර ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here