මේනකාගේ අලුත්ම පෙම්වතා රනිල්

    0
    75

    මේ දිනවල මල්සරාට රාජකාරී වැඩි වී ඇතැයි සිතෙන තරමට ම විවාහ ගිවිස ගැනීම් මෙන්ම විවාහ පළුදුවිම් ද සිදුවෙමින් පැවතීම සුවිශේෂී කරුණක්.

    විශේෂයෙන්ම රංගන ක්ෂේත්‍රය තුළ මෙවැනි සිදුවීම් රාශියක් පසුගිය දිනවල වෙබ් අඩවි හරහා මෙන්ම විවිධ ජනමාධ්‍ය හරහා වාර්තා විය. එවැනි වාතාවරණයක් තුළ රංගන ශිල්පිනි මේනකා පිරිස්ගේ විවාහය දෙදරායාම හා නැවුම් පෙමක ඇය පැටලුණු සිදුවීම පිළිබඳ පුවත කරළියට පිවිසී හමාර ය.

    ඉකුත් 26 දින හිරු TV නාළිකාව හරහා විකාශය වූ ‘’Copy Chat’’ වැඩසටහනට සහභාගී වූ ඇය ප්‍රකාශ කර සිටියේ රනිල් කුලසිංහ සමග පැවතී මිත්‍ර සබඳතාව දුරදිග යාමේ ප්‍රතිඵලයක් ලෙස එය  පෙම් සබඳතාවක් බවට පත්වුණු බවයි. තවදුරටත් අදහස් දැක් වූ ඇය මෙලෙස ද පවසා සිටියා ය.

    ඔක්කොම හොඳටයිටෙලි නාට්‍යය හරහා තමයි අපි දෙන්නා මුණගැහුණේ. ඒකේ හිටපු සිතිජ මල්ලි හරහා තමයි යාළුවෙක් විදියට මම රනිල්ව හඳුනාගන්නේ,

    වැඩසටහන අතරතුර රනිල් කුලසිංහ සමග ගීතයක් ගායනා කළ ඇය උණුසුම් හාදුවකින්ද වැඩසටහන වර්ණවත් කිරීම සිදු කළා ය. කෙසේවෙතත් ඇය 2014 වසරේ දී අමර් නම් නොර්වේ ජිවත්වන ශ්‍රී ලංකික තරුණයෙකු සමග විවාහ ගිවිස ගැනීම සිදු විය. පසුව ඔවුන්ගේ විවාහය දෙදරායම සිදු වූ බව නොරහසක්.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here