මෝදිගේ නිල න්‍යාය පත්‍රය මහින්ද නිසා වෙනස් වෙයි

0
67


ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.
මෙවන් සාකච්ඡාවක් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාගේ නිල න්‍යාය පත්‍රයේ නොතිබුණ ද හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් මත මෙම අවස්ථාව ලබාදුන් බව ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධු කොළඹ දී මාධ්‍යවේදීන් හමුවේ සඳහන් කර ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවට හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ද එක් ව තිබේ.
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස සමග ඉතාමත් සුහදශීලි සාකච්ඡාවක් පැවති බව ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධු ප්‍රකාශ කළේ ය.
ගත වූ වසරවල සහ වර්තමානයේත් ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහ ලබා දෙමින් තිබෙන සහයෝගය පිළිබඳ සතුටුවන බව හිටපු ජනාධිපතිවරයා එම සාකච්ඡාවේ දී සඳහන් කළ බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here