මෝදි නිසා වතුකරය පිල් දෙකකට බෙදෙයි

0
46

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ලබන 12 වැනිදා හැටන් ප්‍රදේශයට පැමිණිම සම්බන්ධයෙන් වතුකරයේ ප්‍රධාන වෘත්තිය සමිති 02ක් අතර මත ගැටුමක් ඇති වී තිබේ.

වතුකරයේ ජනතාව ඇමතීමට අගමැති මෝදි පැමිණෙන්නේ ලංකා කමිකරු කොංග්‍රසයෙන් ආරාධනාවකට අනුව බව එම පක්ෂය පවසන අතර දමිළ ප්‍රගතිශීලී සන්ධානය පවසා සිටින්නේ එය තමන්ගේ ආරාධනාවක් බවයි.

මේ හේතුවෙන් එම පක්ෂ දෙකේ ආධාරකරුවන් අතර නොසන්සුන්කාරී බවක් ඇති වී තිබේ.

හැටන් සිට නෝර්වුඩ් නගර දක්වා මෙම පක්ෂ දෙකෙන්ම පෝස්ටර්, ප්‍රචාරක පුවරු හා සහ කොඩි වැල් තරගයට මෙන් ප්‍රදර්ශනය කරයි.

අගමැති මෝදී ලබන 12 වැනිදා නෝර්වුඩ් ක්‍රීඩාංගනයේදී වතුකරයේ ජනයා ඇමතීමට නියමිතව ඇත.

මෙම දෙපාර්ශව අතර ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් නෝර්වුඩ් නගරයට හා නෝර්වුඩ් ක්‍රීඩාංගණයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here