යතුරුපැදියක ගමන් කළ සිව්දෙනෙක් බස් රථයක ගැටී මියයයි

0
54


පොළොන්නරුව, බැඳිවැව ප්‍රදේශයේ දී යතුරු පැදියක් බස් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු මරණයට පත් ව තිබේ.
ඊයේ (11) රාත්‍රීයේ මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී ඔවුන් සිව් දෙනාම යතුරුපැදියේ ගමන් කර ඇති බවත් සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ සිව් දෙනා රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇති බවත් වාර්තා වේ.
මෙතෙක් හඳුනා නොගත් පුද්ගලයෙකු ද එම අනතුරින් මිය ගොස් ඇති අතර මාඔය, බැඳිවැව පදිංචි රොෂාන් මධුශංක (23), දිල්ශාන් කුරේ (24), නිශාන්ත සිල්වා (48) යන පුද්ගලයින් එලෙස මිය ගොස් තිබේ.
අදාළ මෘත ශරීර පොළොන්නරුව මහ රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ අද (12) සිදු කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර පොළොන්නරුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here