“යොවුන් පුරය” ඇරඹෙයි

0
64

අනාගතය ඇරඹුණා” තේමාවෙන් පැවැත්වෙන 07වැනි යොවුන් පුරය අද (29) පස්වරුවේ ආරම්භ වේ.
ත්‍රිකුණාමලය මැක්හෙයිෂර් ක්‍රීඩාංගනයේ දී ඇරඹෙන උත්සවය සඳහා තරුණ තරුණියන් 6000ක් පමණ මේ වනවිට ත්‍රිකුණාමලයට පැමිණෙමින් සිටින බව වාර්තා වේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ අදහසක් මත ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ විසින් මෙහෙයවන ‘යොවුන් පුරය 2017‘ වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට අමාත්‍ය නිරෝෂන් පෙරේරා සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ද සහභාගිවීමට නියමිත ය.
අගමැතිවරයා මාර්තු 31 වැනි දා යොවුන් පුරය සඳහා එක්වීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here