රට කැළඹූ සිදුවීමක් ඔස්සේ ජැකලීන් සිංහල සිනමාවට

0
186

බොලිවුඩ් සිනමාවේ අතිශය ජනාදරයට පත් ශ්‍රී ලාංකික නිළි ජැකලීන් ෆර්නැන්ඩ්ස් මුලවරට සිංහල චිත්‍රපටයකට දායක වී තිබේ.
එලෙස ඇය රංගනයෙන් දායක වූ ‘අනුරාගිනි’ නමැති චිත්‍රපටය අප්‍රේල් 07 වැනි දා සිට කොළඹ රීගල් ප්‍රමුඛ සී. ඊ. එල් මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වේ.
ජැකලීන් සමග ජාත්‍යන්තර කීර්තියට පත් සංගීතඥයකු, නළුවකු මෙන්ම ශ්‍රී ලාංකිකයකු ද වන ඇල්ස්ටන් කෝච් ද එහි ප්‍රධාන චරිතයයක් නිරුපණය කරයි.
බිම්සරා ප්‍රේමරත්න, රයන් විජයරත්න, ගාමින් ලුඩොක්ස්, කියාන් ඕ ශ්‍රේඩි ආදි නළු නිළියන් රැසක් රඟන ‘අනුරාගිනි’ චිත්‍රපටය ඉංග්‍රීසි බසින් එදිනම කොළඹ මැජෙස්ටික් සිනමා ශාලාවල තිරගත කෙරේ.
කලකට ඉහත රට කැළඹූ ආන්දෝලනාත්මක සිදුවීමක් වටා නිර්මාණය වූ ‘අනුරාගිනි’ තිර රචනය, ක්‍රිස්ටි එලියසර් හා චන්ද්‍රන් රත්නම් ගෙනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here