රථ වාහන වැරදි තුනකට වෙන දේ මෙන්න

0
0

පොලීසිය විසින් නිකුත් කරනලද රථ වාහන වැරදි සම්බන්ධ දඩ පත්‍රිකා තැපැල් කාර්යාලවලට අමතරව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ගෙවීම සිදුකළ හැකි බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මීට අමතරව නව දඩ පත්‍රිකාවට අනුව පැරණි ස්ථානීය දඩ පත්‍රිකාවේ තිබූ ස්ථානීය දඩ වර්ග තුනක් නව දඩ පත්‍රිකාවට ඇතුළත්වී නොමැති අතර, අදාළ වැරදි සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මේ අනුව බලපත්‍ර නොමැතිව රිය ධාවනය කිරීම, වයස අවුරුදු 18ට අඩු අය රිය පැදවීමේ වරද හා රිය බලපත්‍ර නොමැති අයෙකු සේවයේ යෙදවීම යන වැරදි තුන බවද පවසා සිටියේය.

ස්ථානීය දඩ මුදල් 33ක් ඇතුළත් නව දඩ පත්‍රිකාව අද (15දා) සිට ක්‍රියාත්මක කරන බවද පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here