රාජ්‍ය වෙසක් උළෙලේ සමාරම්භක උත්සවය අද

0
49

රාජ්‍ය වෙසක් උළෙලේ සමාරම්භක උත්සවය අද(09) පස්වරු 2.00ට ජනාධිපති හා අගමැතිවරයාගේ සහභාගිත්වයෙන් කෑගල්ල වට්ටාරම අරහත්ත මලියදේව පුරාණ විහාරස්ථානයේ දී සිදු කෙරේ.

මෙම උත්සවයට සමගාමීව එම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් කෑගල්ල දිස්ත්‍රික්කය පුරාම විවිධ ආගමික වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ශීල, භාවනා වැඩසටහන්, භක්ති ගීත, බෞද්ධ නාට්‍ය ප්‍රදර්ශනය, දහම් පාසල් දරුවන් අතර විවාද තරග ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව පැවැත්වෙන එම වැඩසටහන් අද සිට මේ මස 13වැනි දින දක්වා පැවැවීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here