රාජිත – රවී හදිසියේ හමුවෙයි

0
47

හෙද සේවාව මුහුණ දී ඇති ගැටළු පිළිබඳ සෞඛ්‍ය සහ මුදල් අමාත්‍යාංශය අතර සාකච්ඡාවක් අද (05) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහි දී හෙද හෙදියන් මුහුණ දී ඇති වැටුප් විෂමතා, වැඩිකළ වැටුපට අතිකාල දීමනා නොගෙවීම පිළිබඳ අවධානය යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
එළැඹෙන 06 වැනි දා හෙද වැඩවර්ජනයක් පිළිබඳ මාධ්‍ය මගින් පළ වූ වාර්තා පිළිබඳ අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අද පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරු ව වර්ජනයක් දියත් කිරීමට අවස්ථාවක් නොලැබෙන බවයි.
මෙම සාකච්ඡාව සඳහා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ද සහභාගිවීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here