රැජිනි කාන්ත් එන්නේ නෑ

0
41

තමිල්නාඩු සිනමාවේ ප්‍රවීණ නළු රැජිනි කාන්ත් අප්‍රේල් 09 වැනි දා යාපනයේ සංචාරයක නිතර වීමට සූදානමින් සිටිය ද තමිල්නාඩුවේ හා ශ්‍රී ලංකාවේ පාර්ශ්ව රැසකගේ විරෝධය හේතුවෙන් එය අවලංගු කිරීමට තීරණය කළ බව දකුණු ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
උතුරේ අවතැන් පවුල් 150 දෙනෙකුට නිවාස ප්‍රදානය කිරීමේ උත්සවයක් සඳහා එළැඹෙන අප්‍රේල් මස 09 වැනිදා ඔහු යාපනයට පැමිණීමට නියමිතව තිබිණ.
එහෙත් තමිල්නාඩුවේ විමුක්ති කොටි පක්ෂයේ නායක තිරුමානවන්, එම්.ඩී.එම්.කේ පක්ෂයේ නායක වයිකෝ‍, දෙමළ ප්‍රජා අයිතිය පක්ෂයේ නායක වේලමුරුගන් ඇතුළු දේශපාලකයින් කළ ඉල්ලීමට අනුව තමා එම සංචාරය අහෝසි කළ බව රැජිනි කාන්ත්ගේ නිවේදනයේ   සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here